අනෝදා ව්‍යංජනය
  • අනෝදා දළු ස්වල්පයක්

  • රතු ළූණු ‍ගෙඩි 03- 04 ක්

  • අමු මිරිස් කරල් 02-03ක්

  • ලුණු අවශ්‍ය පමණ

  • ගාගත් පොල් අවශ්‍ය පමණට

අනෝදා දළු ටික සෝදා වතුර බේරෙන්නට හැර,සිහින්ව ලියා ගන්න. රතුළූණු හා අමුමිරිස් ද සිහින්ව ලියාගෙන පොල් සමඟ එකතුකර එයටම කහ, ලුණු එකතුකර ගන්න. පසුව එම මිශ්‍රණයට හීනියට ලියාගත් අනෝදා දළු ටික දමා හොදින් කලවම් කරන්න. ඉන්පසු විනාඩියක් පමණ ලිපේ තිබෙන්නට හැර බාගන්න.

දියවැඩියා රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි, මුත්‍රා ගල් දිය කිරී ම, ආදිය සිදු කරයි.