ගඳපාන ව්‍යංජනය

කෙසෙල්බඩ අවශ්‍ය පමණ,
අමුමිරිස් කරල් 02 -03ක්,
රම්පේ,කරපිංචා,
තුනපහ කුඩු අවශ්‍ය පමණ,
පොල් කිරි කෝප්ප 01ක්,
සුදුළූණු බික් 02ක් තුනක්,
හාල් ස්වල්පයක්,
පොල් මිටක්,
කහ කුඩු,
නොපැසුණු ගස් ලබු ගෙඩියක්

කැන කපා ඉවත් කරන ලද ගසෙහි පහළම කොටස දින 03කට පළමුව බඩය කඳින් වෙන් කර ගන්න. (ගසෙහි පහළම කොටස යොදා ගැනීම වඩා රසවත් වීමට හේතු වේ.) කෙසෙල් බඩයෙහි පෙති කපා එහි වැඩිපුර කෙඳි ප්‍රමාණය ඉවත්කර සිහින්ව ලියා ගන්න. එයටම ගස් ලබු ගෙඩිය ද සිහින්ව ලියා එක් කර ගන්න. පසුව හොදින් සෝදන්න. අමුමිරිස්, රතුළූණු, කහ, ලුණුකුඩු අවශ්‍ය පමණින් එක්කර ලිපතබා එහි තිබෙන දියර ගතියෙන්ම තම්බා ගන්න. එයට සිහින්ව අඹරාගත්  සහල් හා පොල් මිශ්‍රණය දමා හොදින් කලවම් කර එයටම මිටිකිරි කෝප්පයක් එක්කර මද ගින්නේ පිසගන්න.

කෙදි සහිත ආහාරයකි, ග්‍රහණීරෝග සුව කරයි, බඩවැල් රෝග සදහා ප්‍රත්‍යක්ෂයි.