ව්‍යංජන
සලාද
මැල්ලුම්
කැද
වෙනත්
බුත්සරණ අල ග්‍රෑම් 250ක්
පොල් තෙල්1 /4ක් රම්පෙ,කරපිංවා අවශ්‍ය පමණ
අමුමිරිස් කරල් 05ක්
ගම්මිරිස්
ලුණු කුඩු,මිරිස් කුඩු ස්වල්පය බැගින්
පාන් පිටි ග්‍රෑම් 25ක්
පොල් බෑයක කිරි
පාන් පිටි ටික ලුණු හා පොල් කිරි සමඟ අනාගෙන පිපෙන්නට තබන්න. බුත්සරණ අල තම්බා පොත්ත ඉවත් කර පොඩි කරගෙන එයට මිරිස්, කරපිංචා, රම්පෙ සමඟ ලුණු එක්කර තෙලෙන් බැද ගන්න. පසුව පාන් පිටි මිශ්‍රණය අනා තුනී කර බැදගත් අල මිශ්‍රණය මැදට දමා පැටිස් සාදන කුමයට සාදා ගන්න.
බුත්සරණ අල පාචන රෝගීන්ට ඉතා ගුණය, පිපාසය සන්සිදවයි, ඇඟ වියළිම ආරක්ෂා කරයි,දිරවීම ඉක්මන් කරයි, ශක්තිජනක ආහාරයකි.