එරබදු දළු මැල්ලුම

  • එරබදු දළු ටිකක්

  • රතු ළූණු ගෙඩි 3-4ක්,

  • අමුමිරිස් කරල් 2-3ක්

  • අවශ්‍ය පමණට ලුණු

  • පොල් අවශ්‍ය පමණ.

එරබදු දළු ටික සෝදා වතුර බේරන්නට හැර හීනියට ලියා ගන්න.රතු ළූණු, සහ අමු මිරිස්,  ද සිහින්ව ලියා ගෙන ඒ සමඟ කහ ලුණු එකතු කර පොල් සමඟ මිශ්‍ර කරන්න.පසුව එම මිශ්‍රණයට ලියා ගත් එරබදු දළු ටික දමා හොදින් කලවම් කරන්න. ඉන් පසු විනාඩියක් ලිපේ තිබෙන්නට හැර බා ගන්න.

 

උෂ්ණාධික රෝග  සදහා ගුණදායකය. ආහාර මාර්ගයේ ‍ෙවසෙන පරපෝෂිතයන් මර්දනය කිරීම සදහා සුදුසු ආහාරයකි.