අල සෝදා දිය බේරෙන්නට දින 2-3 ක් වේලෙන්නට හරින්න. ඉන්පසු අල කොළ ගැට ගසා ගන්න. ගැට ගසා ගත් අලකොළ සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න. ඉන් පසු පොල් කිරි(මිටි කිරි)සකසා ගන්න. පොල් කිරි ටික ව්‍යංජනය සකසා ගන්නා භාජනයට දමා එයට මිරිස් කුඩු, කහ, තුනපහ, උළුහාල්, කරපිංචා, රම්පෙ, ලුණු රතු ළූණු, ගොරකා, සුදුළූණු මේ සියල්ල දමා හොද්ද සකසා ලිප තබන්න. හොදි ටික උතුරාෙගන එන විට කපා ගත් අල කොළ එම භාජනයට දමන්න. ඉන්පසු ටික වේලාවක් ලිපේ තිබෙන්නට හැර හොදින් ඉදුන පසු බා ගන්න.
අවශ්‍ය නම් ව්‍යංජනය වඩාත් රසවත් කරගැනීම සදහා තෙල් ස්වල්පයක් ලිපේ තබා එය මදක් රත් වු විට එයට අබ ස්වල්පයක් දමා අල කොළ ව්‍යංජනයට දමන්න.