කෝමාරිකා ව්‍යංජනය
  • කෝමාරිකා පතු (පිලි) කීපයක්
  • මිරිස් කුඩු ,තුන පහ, කහ කුඩු
  • අමුමිරිස් කරල් කීපයක්
  • ලුණු අවශ්‍ය පමණට
  • උම්බලකඩ ස්වල්පයක්
  • කරපිංචා, රම්පෙ
  • මිටිකිරි අවශ්‍ය පමණට
  • අඹරා ගත් සහල්
  • සුදු ළූණු බික් 03-04ක්.

කෝමාරිකා පිලිවල පිටපොත්ත සෙමින් ඉවත්කර මැද මදය අඟලක පමණ වන හතැරැස් කැබලි වලට කපා ගන්න. එලස කපාගත් මද සහල් සෝදා ගත් වතුරේ විනාඩි 10ක් පමණ තිබෙන්නට හරින්න. (ඉන් එහි ඇති තිත්ත හා සෙවල ගතිය ඉවත් වේ.)  පසුව ඇල් ජලයෙන් සෝදා ගන්න. ලියාගත් සුදු ළූණු, කරපිංචා, රත්කරගත් තෙලට දමා එයටම ලියාගත් ළූණු, අමු මිරිස් එක්කර ගන්න. බැද අඹරාගත් මිරිස් කුඩු හා තුනපහ  කෝමාරිකා කැබලිවලට එක්කරමින් හොදින් කලවම් කරන්න. එයටම අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා කහ ‍ෙයාදා ගන්න. මෙම මිශ්‍රණයටම අඹරා ගත් සහල් ද එක්කර අවශ්‍ය ප්‍රමාණයට මිටිකිරි යොදා මද ගින්නේ පිස ගන්න.

 

ඇඟ සිසිල් වේ, අක්ෂි රෝග සුවපත් වේ, ශක්ති කාරකයි.