විලඳවැන්න මැල්ලුම

  • විලද වැන්න දළු මිටක්,

  • රතුළූණු ගෙඩි 3-4 ක්

  • අමු මිරිස් කරල් 2ක්,

  • උම්බලකඩ ස්වල්පයක්

  • ලුණු කහ අවශ්‍ය පමණ

  • දෙහි යුෂ අවශ්‍ය පමණ

  • ගාගත් පොල් පීරිසි 01ක්

  • කරපිංචා ඉති 2ක්.

විලදවැන්න දළු ටික සිහින්ව ලියා ගෙන එයට ලියා ගත් රතු ළූණු, අමු මිරිස් කරපිංචා එක් කර ගන්න. පසුව ගා ගත් පොල් ටික ලුණු හා කහ සමඟ අඹරා ගෙන ලිප තබා රත් වූ පසු බා ගන්න. බාගත් පසු දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කරන්න.

හතිය අඩු කරගැනීමට සුදුසු බව ආයුර්වේද මතයයි. මාන්දම් රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.