වදමල් පානය
  • වද මල් ‍(රතු පොකුරු වද මල්) පහක් හයක් දෙහි

  • පැෂන් ගෙඩියක යුෂ

  •  පොතු හැර කුඩාවට කපා ගත් අන්නාසි ස්වල්පයක්

  • සීනි ටිකක් හා ලුණු ස්වල්පයක්.

පළමුව හොදින් උතුරුවා ගත් උණුවතුරට වදමල් ටික දමා තැම්බෙන්නට හැර වතුර ටික පෙරා නිවෙන්න‍ට හරින්න. ඉන්පසු ඒ වදමල් වතුරට දෙහි යුෂ, පැෂන් යුෂ හා සීනි අවශ්‍ය පමණට දමා ලුණු ද එක්කර දිය කරගන්න. අවසානයට ඉතා සිහින්ව කපා ගත් අන්නාසි කැබලි මිශ්‍ර කර සිසිල් කර බීමට ගන්න.

ශරිරය සිසිල් කරන පානයකි, මුත්‍රා හා වකුගඩු රෝග සුවපත් කරයි