මතකය කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මොළය ගැන කතා කළොත් අපි දන්නවා අපගේ මොළය වම සහ දකුණ වශයෙන් කොටස් දෙකකට බෙදෙන බව. ඉතින් මෙහි වම් පැත්තෙ තමයි අපගේ කෙටි කාලීන මතකය රදා පවතින්නේ. එතකොට දකුණ පැත්තේ රදා පවතින්නේ අපගේ දිගු කාලීන මතකය.
බොහෝ දෙනා හුරු වෙලා ඉන්නවා ඉගෙන ගන්නා දෑ විභාග කිට්ටු වුනාම පාඩම් කරලා මතකයට නගා ගන්න. ඔබ ම දන්නවනේ එය කොතරම් අපහසු කාර්යයයක් ද කියලා. ඇත්තම කියනව නම් අපට කිසිම දෙයක් පාඩම් කරලා මතක තියා ගන්න ඕන නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න පුංචි ම කාලේ සිදුවුණු සමහර සිදුවීම් තාම අපට අද ඊයේ වගේ මතකයිනේ . ඒවා අපි පාඩම් කළෙත් නැහැනේ. එහෙම නම් ඒවා කොහොමද මතකහිටින්නේ.

රූප සටහනෙන් ඔබ දැක්කා වම් පැත්තේ මොළයේ තැන්පත් වන කෙටිකාලීන මතකය රදා පවතින්නේ පැය 48 ක් බව.එසේම පැය 24 ක් ගිය තැන මතකයේ 80% ගිලිහී යන බව. එසේ නම් අද ඉගෙන ගත් දෑ අද ම අපූරු ලෙස, සුන්දර ලෙස , සහ සිත් ගන්නා ලෙස දකුණුපස මොළයට යැවූ විට අපේ මතකය කවදාවත් අමතක වෙන්නේ නෑ. (ඒ ගැන තව ඉස්සරහිදී ඉගෙන ගනිමු).
මොළය පිළිබඳ තවත් අපූරු කතාවක් මතකයට අදාළව ඔබ ඉගෙන ගත යුතු වෙනවා.

වම්පස හා දකුණුපස මොළයේ සිදුකෙරෙන කාර්යයන් දෙයාකාර බව ඔබට පැහැදිළියි නේද? ඒ වගේම අපි අතරේ සමහරු ගණිතයට දක්ෂයි. සමහරු අදක්ෂයි. සමහරුන් ට ලස්සනට ගීත ගයන්න පුළුවන්. චිත්‍ර අදින්න පුළුවන්. සමහර අයට ඒ දෙකම කළ නොහැකියි. ඒ වගේම ඉතා සීමිත පිරිසක් ගණිතයට දක්ෂ අතරම සෞන්දර්යාත්මක කුසළතා වලින් ද යුක්තව කටයුතු කරනවා.(ඒ කියන්නේ ගීත ගාගනය රංගනය ආදී)ඇයි? මෙහෙම වෙන්නේ. සමහර අයගේ වම්පස මොළය හොදින් ක්‍රියාකාරියි. ඒ අය ගණිතයට දක්ෂ අතරම තාර්කික බවින්ද යුක්තයි. ඒ වගේම කඩිසර බවක් ද පෙන්නුම් කරනවා. ඒත් සෞන්දර්යාන්‍ත්මක සිතිවිලි ඒ අය තුළ අඩුයි. එසේම දිගු කාලීන මතකය පිළිබඳ ගැටළු ඒ අයට තියෙනවා. ඒ අය බොහෝ වෙලාවට කරන්නේ විභාග කිට්ටුව පාඩම් සිහියට නගාගෙන කෙටිකාලීන මතකයෙන් විභාග ලිවීමයි.
ඊ ලඟ කණ්ඩායම ඉතා සෞන්දර්යාත්මකයි. ගායන, වාදන, සංගීත ,චිත්‍ර වැනි විෂයයන්ට ප්‍රියයි. ඒ දක්ෂයි. හුඟක් වෙලාවට හැඟීම්බරයි. ඒත් මේ අයට සංඛ්‍යා දත්ත ආදිය මතක හිටින්නේ නැති තරම්. ගණිතය විෂයයට බොහෝ වෙලාවට දුර්වලයි. පොතක දිගු ඡේදයක් කියවන්න ගියාම එය කිහිප වතාවක් මුලසිට කියවන්නත් වෙනවා.මෙහෙම වෙන්නේ මේ අයගේ දකුණුපස මොළය පමණක් වැඩිපුර ක්‍රියාත්මක වන නිසයි.
දැන් එහෙම නම් ඔබට පැහැදිළි වෙනවා ඇති මොළයේ වම සහ දකුණ සමබරව ක්‍රියාකාරී විය යුතු බව. මොහොතකට හිතන්න ඔබගේ මොළය වඩා ක්‍රියාකාරී වම්පස ද දකුණු පස ද කියලා. එහෙමත් නැතිනම් ඔබේ මොළය සමබරව ක්‍රියාකාරීව පවතිනව ද කියලා. ඉහතින් දැක් වූ කරුණු ආධාරයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් .දැන් ඔබට වැටහෙනවා නම් ඔබගේ වම්පස මොළය ක්‍රියාකාරී වීම මදියැයි හැගෙන්නේ නම් ඔබට මොලය සමබරකර ගැනීමට දක්වා ඇති උපදෙස් අනුගමනය කල හැකියි. |