මතකය හා චිත්‍ත තරංග
ඔබ දන්නවා නම් උදේ පාන්දර නින්දෙන් පිබිදිලා පාඩම් කරන දේවල් අපූරුවට අපිට මතක හිටින බව. එහෙම වෙන්නේ ඇයි? ඒ වෙලාවට අවට පරිසරය නිහඬයි. නිසලයි. ඊටත් වඩා තමන්ගේ හිත හරිම සන්සුන්. මේ වෙලාවෙදි නිරායාසයෙන් ම අපේ හිත සන්සුන් වුනේ කොහොමද? සාමාන්‍ය පිබිදීමක් ලෙසින් නින්දෙන් අවදි වුනාම නිරායාසයෙන් ම අපේ හිත සන්සුන්. ඒ කියන්නේ එ වෙලාවෙදි අපේ චිත්‍ත තරංග නිකුත් වෙනනේ ඇල්‍ෆා මට්ටමෙන්. තරංග මනින සංඛ්‍යාතය හර්ට්ස්. මොළයෙන් නිකුත් වන තරංග ප්‍රධාන කොටස් 04 කට බෙදෙනවා.
- හර්ට්ස් 14 - 100 ත් අතර නිකුත් වන තරංග බීටා (beta) ලෙස හදුන්වනවා. මෙම අවස්ථාව බොහෝ වෙලාවට අපේ හිත නොසන්සුන්. කළබලකාරීයි, ගැටළු සහගතයි.
- හර්ට්ස් 8 - 13.9 අතර නිකුත් වන තරංග ඇල්ෆා ලෙස හදුන්වනවා. මෙම මට්ටමේ තරංග නිකුත් වන විට අපේ හිත බොහොම සන්සුන්. නිරවුල් මතකයක් ද ඇති කර ගත හැකි වෙනව.
- හර්ට්ස් 4 - 7.9 අතර තරංග නිකුත් වීම ත්‍රීටා වෙ. මෙම මට්ටමට හොදින් භාවනා කිරීමේ දී අපට ලඟා විය හැකිය. ඒ වගේම සාමාන්‍ය නින්දෙදි අපේ තරංග නිකුත් වන්නේ ත්‍රීටා මට්ටමෙනි.
- හර්ට්ස් 1 - 3.9 ත් අතර තරංග නිකුත් වන්නේ අප තද නින්දට පත් වූ විටයි. එනම් අපගේ උඩු සිත නිද්‍රා ගත වී යටිසිත හෙවත් අවිඥානය ක්‍රියාත්මක වන අවස්ථාවලදී ය. මෙම තරංග ඩෙල්ටා නමික් හැඳන්වේ.

ඇල්පා මට්ටමේ චිත්ත තරංග ඇති කර ගැනීමේ සරල ක්‍රම
ඇල්පා මට්ටමේ චිත්ත තරංග මොලයෙන් නිකුත් වන විට අපට හොඳ සංකල්පනා සිහි වෙනවා. ඒ වගේ ම මතක ශක්තිය ද හොදින් පවතිනව. මේ මට්ටමට හිත දියුණු කර ගන්න එතරම් අපහසු නැ. උදේ පාන්දර සාමාන්‍ය පිබිදීමකින් අවදි වුනාමයි සමහර තරංග අපේ මොලයෙන් නිකුත් වන්නේ. ඒ නිරායාසෙයන් සිදුවන දෙයක්. නමුත් අපිට යමක් මතක තියා ගන්න ඕන වුනාම වගේම අළුත් සංකල්පනා ගොඩනගාගන්න අවශ්‍ය වුනාම ඇල්ෆා තරංග නිකුත් වන මට්ටම ට අපේ මොලය ක්‍රියාකාරී කරගන්න ඇත්නම් කොච්චර හොඳද? දැන් අපි මේ කියන්න හදන්නේ ඔබට ඇල්ෆා තරංග නිකුත් කළ හැකි මට්ටමට ඔබේ මොළය සකසා ගැනීමට පහසු අභ්‍යාස හා ක්‍රියාකාරකම් කිහිපයක් කියා දෙන්න.
සරල භාවනාවක්
ශරීර අපහසුතා වලින් තොරව පමණ දැන ආහාර ෙගන සැහැල්ලුවෙන් සිටින අවස්ථාවක දී හිටගෙන හෝ ආසනයක වාඩි වී පපුව හා හිස කෙලින්ව තබා ගන්න. දැන් ඇස්දෙක හොදින් පියා ගන්න. සිරුර කෙලින් තබාගෙන දැන් පළමුව උදරය හකුළුවා ඔබගේ පෙනහළුවල ඇති හුස්ම පිට කරන්න. අනතුරුව පපුව ද හකුළුවා පෙනහළුවල ඉහළ කොටසේ ඇති හුස්ම ද පිට කරන්න. අනතුරුව උදරය මෙන් ම පපුව ද පුම්බා දිග හුස්මක් ගෙන වාතනයන් ෙපනහළු පුරවා ගන්න. දැන් තප්පර 07 ක් පමණ එම හුස්ම පෙනහළු වල රදවා තබා ගන්න. අනතුරුව පළමු පරිදි ම එම හුස්ම දීර්ඝ ව පිට කරන්න. මේ ආකාරයෙන් අවස්ථා 05 ක් පමණ සිදුකර ඉක්බිතිව මනසින් සුදු බිත්තියක් මවා ගන්න. එම බිත්තියෙහි අඩි 02ක් 03ක් තරම් විශාලව ඉංග්‍රීසි භාෂාවේ අකුරු A සිට Z දක්වා මනසින් අදින්න. මෙය එක අරමුණක පිහිටා ඔබ සිදු කළේ නම් Z අකුර අදින විට හෝ ඊට අාසන්නයේ දී ඔබගේ තරංග ඇල්ෆා මට්ටමට ඇවිත් ඇති බව ඔබට දැනේවි.
Relaxation music
ඔබගේ සිරුර සැහැල්ලුවෙන් තබාගෙන ඉහත දක්වා ඇති පරිදි දීර්ඝව හුස්ම ගෙන මේ සමඟ පහතින් දක්වා ඇති සංගීත කණ්ඩ දෙඇස් පියාගෙන සාමාන්‍ය ශ්‍රවන තත්ත්වයෙන් ඇසීමෙන් ද ඔබ ට ඔබේ මනස ඇල්ෆා මට්ටමට ගත හැකිය.