 |
අපි අපේ මොලය සමබර කර ගනිමු
ඔබ මේ වන විට ඔබේ මොලය සමබර කර ගැනීමේ වැදගත්කම මැනවින් පසක් කොට ගෙන ඇති බව අපි දන්නව.දැන් අපි කියල දෙන්න හදන්නෙ ඔමේ වම්පස හා දකුණුපස මොලය වෙන වෙනම සමබර කර ගැනීමට ඔබට නිවසේදීම කළ හැකි පහසු අභ්‍යාස කිහිපයක්.
වම්පස මොලය සඳහා
- ඔබ ඔබේ දෛනික අයවැය පොතක සටහන් කරන්න.
- දිනපතා ඔබේ වයස මාස,දින,පැය,විනාඩි වලින් ගනනය කරන්න.
- ඔබගේ ඉලක්කයන් කවරේදැයි නිවැරිදිව හදුනාගෙන ඒවාට ලගාවිය හැකි තාර්කික සැළැස්මක් සකස් කරන්න.
- පාඩම් කිරීමට කාල සටහනක් සකස් කර ගන්න.
- හැකි නම් දිනකට විනාඩි 20ක් පමණ (කාලය හා වේගය අතර සබඳතා ඇති) පරිගණක ක්‍රීඩාවක නිරත වන්න.
- ඔබගේ පොත් රාක්කය හා ඇදුම් අල්මාරිය පිලිවෙලකට සකසන්න.
දකුණුපස මොලය සඳහා
- නිහඬ පරිසරයකට ගොස් දෙනෙත් පියාගෙන ඔබේ හද ගැස්මට සවන් දෙන්න.
- තරු ඇති රාත්‍රියක අහස දෙස බලා තාරුකාවල පිහිටීම, එහි ස්වභාවය, මෙන්ම වලාකුළු ගමන් කරන ආකාරය රස විඳින්න.
- ඔබ ඔබේ ළමා කාලයට යන්න.එහි අත්විඳි සුන්දර දෑ මෙනෙහි කරන්න.
- නිවසේ මාලු ටැංකියක් ඇත්නම් ඒ දෙස විනාඩි 20ක් පමණ බලා සිටින්න.
- ඔප ඔබේ ගෙවත්තේ මල් පැල හෝ ආහාරමය බෝග කිහිපයක් සිටුවා දිනපතා එහි වැඩීම නිරීක්ෂණය කරන්න.
- ඔබ ඇලුම් කරන මිහිරි ගිතයක් නෙත් වසාගෙන රිද්මයානුකූලව සවන් දෙන්න.
- චිත්‍රයක් අඳින්න. නොයෙසේ නම් නිර්මාණ කාර්යයක නිරත වන්න.(කවි, කෙටි කතා ආදී නිර්මාන)
- පහත ඇති රූප දෙස බලා ඔබට සිතෙන දෑ ලියන්න.

|
 |