මානසිකව අපට ලැබෙන විවේකය තමයි අපි නින්ද කියලා කියන්නේ. නිදා ගැනීම ගොඩාක් වෙලාවට අපේ මතකය අවදි කරන බව ඔබ අහලා තියෙනවද? හැබැයි එහෙම වෙන්න නම් එය සැහැල්ලු සුවදායි නින්දක් වෙන්න  ඕනි. කළබලයෙන්, කේන්තියෙන්, අවුල් වූ මනසින් යුතුව නිදා ගතහොත් අපට සුව නින්දක් කොහෙත් ම ලැබන්නේ නැහැ. ඒ බව ඔබ දන්නවනේ.  එහෙම නම් නිදා ගන්න කලින් හොඳ සූදානමක් තියෙන්න ඕන.  

නිදා ගැනීමට ප්‍රථම කය සැහැල්ලු කර ගැනීම පළමුවෙන් ම කළ යුතුය. මන්ද කය සැහැල්ලු වන විට ඒ ඔස්සේ මනස ද සැහැල්ලු වන බැවිනි. ඒ විතරක් නෙවෙයි නිදා ගන්න විට කාමරය පුරා සියුම් ආලෝකයක් පැතිර තිබීමත්, තමන් ප්‍රිය කරන මිහිරි සුවඳක් අවටින් දැනෙන්නට සැලැස්වීමත් සුවබර නින්දකට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි නිදා ගැනීමට ප්‍රථම ආගමික වතාවත් වල ‍ෙයදීමත් අනතුරුව  මිහිරි සිදුවීමක් මතකයට නංවාගෙන නිදා ගැනීමත් තුළින් අපට පුළුවන් සුව නින්දක් ලබා ගන්න. තවත් හොදින් මතක තියා ගත යුතු දෙයක් තමයි අසනීප තත්ත්වයක දී හැරෙන්න කිසිම විටක දහවල් කාලයේ නිදා ගැනීමෙන් වැලකී සිටිම. එහෙම වුනොත් අපට පුළුවන් සුන්දර සුවබර නින්දක් ලබා ගන්න.

ඉහත කරුණු අනුගමනය කරමින් නිදාගතහොත් සුව නින්දක් ලැබෙනවා සේම හොඳ පිබිදීමකුත් ලබන්න පුවවන්.
                                      

ඔබ දන්නවද නිදාගන්න විට ඔබ උගත් දේවල් මොළය නැවත මෙනෙහි කරලා පිළිවෙලකට ගබඩා කරනවා කියලා. ඒ නිසා තමයි උදේට ප්‍රශ්න පත්‍රයක් ගත්තත් පිළිතුරු ලියන්න පහසු වෙන්නේ. නිදිවරාගෙන පාඩම් කිරීම එතරම් ඵලදායි නොවන බවත් මතක තබා ගන්න.